කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරිෂුට් සංදර්ශනය අතරතුර පැරිෂුට් අනතුරක්,පැරිෂුට් සෙබලුන් දෙදෙනකු ට තුවාල
වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ කමාන්ඩෝ පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයක් අද දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පැරිෂුට් සෙබලුන් විසින් පැරිෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කල අතර එහිදී පැරිෂුට් සෙබලුන් දෙදෙනකු අනතුරට ලක් වී ඇත.
එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් භාහිරව ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර අනෙක් පැරිෂුටය වේගයෙන් බිමට පතිත වී තිබේ.
මෙම අනතුර නිසා තුවාල ලැබූ පැරිෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන්.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)