පිටිගල, ගුරුවල ප්රදේශයේ වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමට ටී – 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇල්පිටිය රෝහලටත් තවත් දෙදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලීසීය පැවසුවේය.