කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේදී පසුපස ඇන්ජීමේ අද (03) හදිසියේ ගින්නක් ඇතිවී තිබෙන බව හපුතලේ පොලීසිය පවසනවා.
හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව එය නිවීමට කටයුතු කර තිබෙනවා.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඇන්ජින් දෙකකින් සමන්විත උඩරට මැණිකේ දුම්රියේ පසුපස ඇන්ජිම මෙසේ ගින්නට ගොදුරු වී තිබෙනවා.