https://www.youtube.com/watch?v=WL3BvCbu1Xc

ඇල්විටිගල මාවතේ පිහිටි මත්පැන් අලෙවි සැලකට අයත් රුපියල් දසලක්ෂ මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට ගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි තැනත්තන් දෙදෙනෙකු විසින් මුදල් රැගෙන ගිය තැනැත්තා රවටා රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාගෙන ඇතැයි නාරහෙන්පිට පොලිසිය පවසයි.

මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ මත්පැන් අලෙවිසැලේ සේවකයා මුදල් රැගෙන යමින් සිටියදී බවත් , පොලිසියෙන් බව කියා යතුරුපැදිය නැවැත්තූ දෙදෙනා විසින් පොලිස් හැදුනුම්පතක් ද පෙන්වා ඇති බවත් පොලිසිය කියයි.

අනතුරුව සේවකයා පරික්ෂා කරන මුවාවෙන් ඔහු සතුව තිබූ මුදල් ද අතට ගෙන බලු මෙම තැනැත්තන් දෙදෙනා පසුව එම මුදල් අතට දී යන්නට දුන් බව කීව සේවකයා නාරහෙන්පිට පොලිස් ස්ථානයේ පැමිණිලි කරමින් පවසා ඇත.

එහෙත් එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් අඩු බව මුදල් බැංකුවේ තැන්පත් කරන අවස්ථාවේ දී පෙනී ගොස් අපි අතර ඒ අනුව නාරහෙන්පිට පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇත.

මෙම වංචා කරුවන් දෙදෙනා සැබැවින් පොලිස් නිලධාරීන් ද නැත්නම් වෙසින් පෙනී සිටි දෙදෙනෙක්ද යන්න පිළිබඳව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි පරික්ෂා කරන ලෙස අයෙක් අපට පැවැසීය.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here