යුක්තිය මෙහෙයුමට සමගාමීව කැලණි මුල්ල හරක් දෙවට මාර්ගයේ පදිංචි කිරණ ගම හතුරු සිංහ දිල්හානි නොහොත් “කුඩු ආශා” සැඟවී සිටියදී මුල්ලේරියාව පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේදී මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පසුගිය 20වෙනිදා ඇයගේ නිවස මුල්ලේරියාව පොලිසියපරීක්ෂා කල අතර ඇය නිවසේ නොසිටි අතර ඇයගේ පුත්‍රයාගේ දුරකථනය මගින් කුඩු ආශා නමැති කාන්තාවට පොලිස් ස්ථානාධිපතිතුමා ඇමතූ අවස්ථාවේදී ඇය විසින් ස්ථානාධිපතිතුමාට තම නිවස විමර්ශනය කිරීමට හෝ පරීක්ෂා කිරීමට තරම් කිසිම දෙයක් නොමැති බවට සැරපරුෂ ලෙස බැණ වැදී තිබෙනවා.

නමුත් ඇය විසින් කුඩු ජාවාරමෙන් උපයාගන්නට ඇතැයි සැක කරන ලද බස් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද එදින අත් අඩංගුවට ගත්තා.

ඊයේ රාත්‍රියේදී ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය 10 g 400mg සමඟ අත් අඩංගුවට ගත්තා.

ඇය අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

මේ අතර කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන දිනිඳු තාරක ද සිල්වා මුල්ලේරියාව ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරමේහි යෙදී සිටින අවස්ථාවේදී මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී අයිස් 42g ජංගම දුරකතන හයක් ද යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශනය සඳහා ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

තවද මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ,”පිටකෝට්ටගේ රසික චානක පෙරේරා ” නැමැති පුද්ගලයා අද දින අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය 580 mg ද හෑෂ් මත්ද්‍රව්‍ය 10 g 48 mg හෑෂ් මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා දුම් පයිප්ප හයක්ද යතුරුපැදි එකක්ද ජංගම දුරකථන දෙකක්ද මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මොහු පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෑෂ් මත්ද්‍රව්‍ය ez cash ක්‍රමයට බෙදා හරින බව සනාථ වී ඇත.

(කොලොන්නාව – ප්‍රදීප්)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here