හෙරෝයින් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250 ක් සමග දිවුලපිටිය දූනාගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසනවා.
මෙම ප්‍රධාන සැකකරු වන උප නගරාධිපති මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පොලිස් සුනඛයෙක් දමා ද පරික්ෂාවට ලක් කර ලදී.
සුඛෝපභෝගි කාර් රථයක් සහ ත්‍රීවිල් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බඩල්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ප්‍රබල පක්ෂයක උප නගරාධිපතිවරයා කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රධාන සැකකරු අද දින මිනුවන්ගොඩ අධිකන්ට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
(මිනුවන්ගොඩ දමිත් තිසර)