අකුණුසැර හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වයක් සමග පාසල් සිසුවෙකු මියගොස් ඇත.

මෙසේ අකුණු සැර වැදී මියගොස් ඇත්තේ ගල්පාත, බටගොඩ, ගහලවත්ත ප්‍රදේශයේ අනූප ගිම්හාන් පෙරේරා නැමති වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකි.

පාසල ඇරී නිවසට පැමිණි සිසුවා සවස අමතර පංති යාමට පොත් බෑගයේ සකසා කොරිඩෝවේ රැඳී සිට ඇති අවස්ථාවේදී අධික වර්ෂාපතනයත් සමඟ පමණ අකුණු සැර වැදී ඇති බව ඔහුගේ මිත්තනිය පවසයි.

අකුණු සැර සමග ඇතිවූ කම්පනයත් සමග සිසුවා නිවස තුලට ප්‍රධාන දොරටුව අසල ඇදවැටී ඇත. පසුව ඔහුගේ මව ඇතුළු අසල්වාසීන් විසින් කඩිනමින් ගල්පාත රෝහලවෙත රැගෙන ගොස් ඇත.

ගල්පාත රෝහලේ දී පරික්ෂා කිරීමේදී සිසුවාගේ ඇගිලි පැලී තිබී ඇති අතර ඒ වන විටත් සිසුවා මියගොස් සිට ඇත. සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා හොරණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අඟුරුවාතොට පොලීසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

(ගල්පාත-චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here