Hot News
Watch : බලංගොඩ පස් කන්දට යටවුණු පවුල සොයා තවමත් මෙහෙයුම්

බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙහිදි එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
කෙසේවෙතත් ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊයේ රාත්‍රී කාලයේ මෙම සිදුවීම වාර්තා වු අතර පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීම අපහසු වීම මත ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් නායයාමට ලක්වු ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර තවත් නිවාස කිහිපයක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මේ අතර අනතුරුදායක වැසි තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසුවේ.
“කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යාන්තර වශයෙන් කියලා තියෙනවා. මේ කාලයේ දැඩි වර්ෂාපතනයක් එනවා. ඒක කඳු නාය යන ගෙවල් කැඩෙන, වැව් කැඩන තරම් බරපතළ වර්ෂාවක්. ඒ කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති වෙනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා.
ඒ වගේම මේ වර්ෂාව ඉවර වෙලා දැඩි නියඟයක් එනවා කියනවා යල් කන්නයේ. ඒ නිසා තමයි අපි කිව්වේ යල් කන්නයට වගා කරගන්න ඉතුරු කරගන්න වතුර කියලා. අපි හිතනවා ඒ පිළිබඳව ගොවි ජනතාව කටයුතු කරයි කියලා.”
Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
Hot News
හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණ අතර ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News1 day ago
දැරියකට කරදර කලේයැයි සැකපිට හිමි නමක සහ දෙමව්පියන් අත්අඩංගුවට