බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කල අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද තංගල්ල මුලික රෝහලේදී පැවැත්වුණා.
මරණ පරීක්ෂණයෙන් අනතුරුව සමන් පෙරේරාගේ සහ තවත් අයෙක්ගේ මල සිරුරු කුරුණෑගලටත්, අනෙක් තුන අලුත්ගමටත් රැගෙන යනු ලැබුවා.
මෙම ඝාතන දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමැත්තා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට අනාවරණයවී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පැවැති ගැටුම්වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය.