මෝට ර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් ගම්පහ මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පලාගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.
වෙඩි ප්රහාරයට ලක් වූ හිමි නම ගම්පහ රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය සඳහන් කරනවා.
මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු T-56 වැනි ගිනිඅවියකින් මෙම වෙඩි ප්රහාරය සිදුකර පලාගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීම මෙය කුමන හේතුවක් මත සිදුවූයේද යන්න පිළිබදව පොලිසිය මේවන විට පරීක්ෂණ පවත්වමින් සිටිනවා.