තමාගේ පියාට තේ කර්මාන්ත ශාලා 4 ක් පැවති බවත්, තමාගේ මවත්, පියාත් පොහොසතුන් බවත්, තමන් වසරකට ලක්ෂ 25 ක ආදායම් බදු ගෙවන අතර තමන් දේශපාලනයෙන් මුදල් ඉපැයීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන්ට ඇති වත්කම් සම්බන්ධයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.