වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කුකුල්කටුව හූරත්ගමුව වැව ආසන්නයේ අනාරක්ෂිත වලකට ඇතින්නක් සහ වනඅලි පැටවෙක් ඇද වැටී තිබේ.
ගම්වැදි යලි වනාන්තරය දෙසට ගමන් කරමින් සිටි වනඅලි දෙදෙනකු මෙලෙස ඇද වැටී ඇති අතර පසුව වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව වනඅලි පැටවා සහ ඇතින්න වලෙන් ගොඩට ගෙන වනාන්තරය දෙසට පලවා හැරීමට කටයුතු කර ඇත.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)