Hot News

Watch : මල සිරුරක් රැගෙන ගම්මු වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කර දැවැන්ත විරෝධතාවයක්

වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය ඇතිලිවැව ආරියසිරි හංදිය ප්‍රදේශයේ න් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා.

මීට දින දෙකකට පෙර ඝාතනයකින් මියගිය බවට සැකකෙරන පුද්ගලයකුගේ මල සිරුරක් රැගෙන විත් මාර්ගයේ තැන්පත් කරමින් මෙම විරෝධතාවය සිදු කරමින් සිටී.

ප්‍රදේශයේ ඝාතන පහක් පමන සිදු වී ඇති නමුත් එම සැකකරුවන් ට නිසියාකාරව දඩුවම් නොකල බව පවසා මෙම විරෝධතාවය සිදු කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ද අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කිරීමට පියවර ගැනීම නිසා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ජනතාව පවසති.

පොලිසිය සමග උණුසුම් තත්වයක් ඇති වී ඇති අතර මේ වන විට සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර වී ඇත.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version