Hot News

Watch : මැටි ඇමති යකා නැටු ඇත්තම හේතුව මෙන්න

කටුනායක ගුවන්තොටුපලේ දී අමාත්‍ය ප්‍රසන්න රණවීර, පෝටර්වරයෙකුට පහර දෙන වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් එසේ කනට පහරක් ගැසූ බැව් පිළිගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ අදහස් පහතින්,

‘එදා මම බිරිඳව ඇරලවන්න ආවේ, ඒ වෙලාවේ පෝටර් කෙනෙක් ආවා, පෝටර් ආවම මම බෑග් දෙක ඒකට දැම්මා. මගේ අතේ මාරු සල්ලි රුපියල් 700යි තිබ්බේ. මේ මනුස්සයා බෑග් එක ගෙනියන්න බෑ කිව්වා. ට්‍රොලියේ තල්ලු කරන් යන එකනේ ඔික. මම කල්පනා කළා අපිටම මෙහෙම නම්, අහිංසක මිනිස්සුන්ට කොහොම කරයිද? ලෝකෙ එක රටක්වත් නෑ මෙහෙම කාක්කෝ. රුපියල් 1000ක් නෑ කිව්වා කියලා ගෙනියන්න බැරිලූ. මම පැත්තකට අඬගහලා කිව්වා, බලු වැඩ කරන්න එපා කියලා. බොරු කියන්න ඔිනි නෑ, මම කනට පාරක් ගැහුවා. ඒ මනුස්සයා එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒ මනුස්සයා එක්ක මම කතාත් කළා. අවස්ථානූකූලව මට කේන්ති ගිය බව ඇත්ත.. මේ මිනිස්සු රටට කරන විනාශය බලන්න එපැයි…. මම ගහන් නැතුව හොඳින් කිව්වේ මුලින්ම…’

කෙසේවෙතත් ගුවන්තොටුපලේ ගුවන් මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෝටරවරයෙකු රුපියල් දහසක මුදලක් අය කරන බව ගුවන්ඝොටුපොළ භූමියේ දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නෙ අදාළ පුද්ගලයා සමඟ තමන්ට පුද්ගලික ගැටුමක් නොතිබුණු බවයි. එසේ ම පසුව ඔහු හා කතාබස් කර මෙය සමථයකට පත් කළ බවක් ද ඔහු කියා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version