නීතිවිරෝධීව මී හරක් ප්‍රවාහනය කල ලොරි රථයක් ඕපනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකරැල්ල ප්‍රදේශයේ සිට උඩවෙල දෙසට නීතිවිරෝධීව ලොරි රථයකින් මී හරක් ප්‍රවාහනය කරන බව අද උදෑසන ඕපනායක පොලිසියට දුරකථන ඇමතුමකින් තොරතුරක් ලැබි ඇත. පසුව ඕපනායක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ලොරිය පන්නා ගොස් ඇල්ලීමට උත්සාහ දරද්දී පොලිස් අන නොතකා ඔවුන් ගමන් කර ඇත.
ඉන් පසුව ඕපනායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගෙන් යුත් තවත් කණ්ඩායමක් පොලිසියේ ඡීප් රථය පදවාගෙන එම සැකකරුවන්ව පිටු පස පන්නා ගොස් ඇත.
කෙසේ වෙතත් එම සැකකරුවන් අකරැල්ල ප්‍රදේශයේ සිට උඩවෙල හරහා ගවරන්හෙන මාර්ගයෙන් බලංගොඩ දාහමාන ප්‍රදේශය දක්වා ගමන් කර දාහමාන ප්‍රදේශය අතුරු මාර්ගයක ලොරිය නවතා සැකකරුවන් පලා ගොස් ඇත.
ලොරි රථය හා මී හරක් 14 දෙනෙකු ඕපනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.තවද මෙම ගවයන් සොරකම් කල ගවයන්ද යන්න පරීක්ෂණ පවත්වන අතර පලා ගිය සැකකරුවන් ඇල්ලීම සදහා ද ඕපනායක පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනවායි.
(බලංගොඩ -ආනන්ද තිස්ස)