වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කොටවෙහෙරගල යාය මාර්ගය වාහනයකින් කෙසේ වෙතත් පයින් ගමන් කිරීමට ද නොහැකි ආකාරයෙන් අබලන් වී තිබිණි.

අවස්ථා රැසකදීම බලධාරීන් දැනුවත් කලද මෙම මාර්ගය පිලිසකර කර නොදීම නිසා ගම්මානයේ ජනතාව එක් ව මාර්ගය සකස් කර ගැනීමේ වැඩසටහනක් පැවැත්විණි.

එහිදී ගම්මානයේ තරුණ පිරිස සහ වැඩිහිටියන් එක් වී මාර්ගය සකස් කිරීම සිදු කල අතර වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් සභාව සතු යන්ත්‍ර උපකරණ කිහිපයක් ම මෙම වැඩසටහන සදහා ලබා දී තිබිණි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here