ජනාධිපතිවරයා අයවැය කතාව බුදුදහම පදනම් කර ගෙන ආරම්භ කිරිම තුළින් බුදුදහමට නිග්‍රහයක් සිදු කළ බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදිය යුතු වුවත් වත්මන් ජනාධිපතිවරයා විසින් පිදිය යුත්තන් පුදන්නේ නැතිව ක්‍රියාවෙන් බාල කොට්ඨාසයකගේ ජනවරමක් ලබා ගත් බවත් අයි. එම්. එෆ්. එකත් සමඟ ගහපු ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි අයි. එම්. එෆ්. වාරිකයත් ලබා ගත නොහැකි තත්ත්වයත් මත ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙය රටේ ජනතාව රැවැට්ටවීමට ගත් උත්සාහයක් බවත් අයවැයෙන් අපායක් ගැන කතා කළත් පාලකයෝ සිටින්නේ දිව්‍ය ලෝකයේ බවත් මෙම අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපාය ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරිමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකිවූවාද යන්න සිතා බැලිය යුතු බවත් එම අයවැය යෝජනාවේ ඇති විශාල කරුණු ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here