සියඹලාණ්ඩුව නගරයේ දී ලොරි රථයක රියදුරු විසින් එම ලොරි රථයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ක්‍රියාත්මක නොකර ලොරි රථයෙන් බැස ගොස් ඇත.

රියදුරු බැස ගොස් සුළු මොහොතකින් එම ලොරි රථය මාර්ගයේ ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ දී සියඹලාණ්ඩුව නගරයේ කාර්ය බහුල අවස්ථාවක් ද විය.

රියදුරු නොමැතිව ධාවනය වන එම ලොරි රථය දුටු අසල වෙලදසැලක සිටි තරුණයෙක් විසින් වහාම ක්‍රියාත්මක වී දිවගොස් ධාවනය වන ලොරි රථයට ඇතුළු වි ලොරි රථය නවතා ගැනීමට කටයුතු කර ඇත.

එම නිසා සිදු වන්නට ගිය විශාල අනතුර වැලකී ඇති අතර මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබිණි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here