නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් සහෝදර වරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත් මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සුදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.