යතුරුපැදියකින් යාපනය ශික්ෂණ රෝහල තුළට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරෙමින් එහි සේවකයින්ට පහර දුන් දෙදෙනා ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළට ම එම රෝගියා සමග යතුරුපැදියෙන් යෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ ගොඩනැගිල්ල තුළටම යතුරුපැදිය ධාවනය කිරීම ගැන රෝහල් සේවකයා විරෝධය දැක්වීම හේතුවෙන් පසුව එම යතුරුපැදිකරු සිය යතුරුපැදිය නවතා එම රෝහල් සේවකයාට එම ස්ථානයේ තිබූ ප්‍රින්ටර් එකකින් පහර දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම යතුරුපැදිකරුවාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here