ඊයේ දවස පුරාවටම කොස්ලන්ද සහ බෙරගල ප්රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා කොස්ලන්ද බෙරගල මාර්ගය හරහා විශාල ජල පහරක් එක් වරම පැමිණෙන ආකාරය එම මාර්ගය අසල සිටි පුද්ගලයකුගේ ජංගම දුරකථන කැමරාවේ මෙලෙස සටහන් වී තිබේ.
ඉහල ප්රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා මෙම ජල පහර එක් වරම විශාල ගල් සහ පස් කදු සමග පහලට ගලාගෙන ගොස් ඇති අතර වර්ෂාපතනය සමග මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් කදුකර ප්රදේශයේ මාර්ග වල රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)