හෙට දින සිට පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ඌව පළාතෙන් පටන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
සිකුරාදා -උතුරු පළාත,සදුදා- වයඹ පළාත,අඟහරුවාදා -සබරගමුව,බදාදා- මධ්‍යම සහ නැගෙනහිර ,බ්‍රහස්පතින්දා- දකුණු සහ උතුරු මැද,සිකුරාදා- බස්නාහිර යන පළාත්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔහු පැවසුවා.
වැඩ වර්ජන කාලය අතරතුර සියලුම හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙන අතර එම අදාළ පළාත් තුළ ඇති සියලුම මාතෘ රෝහල්,ළමා රෝහල්,පිළිකා රෝහල,ත්‍රිවිධ හමුදා රෝහල,වකුගඩු ප්‍රතිකාර ඒකක සහ මානසික රෝග ප්‍රතිකාර රෝහල් මෙම වැඩවර්ජනයට සහභාගි කරවා ගන්නේ නැති බවත් ඔවුන් පවසනවා.
(සුමේධ සංජීව කොළඹ)