

Hot News
Watch : ව්‍යාපාරයේ මුදල් අස්ථාන ගතවුණා කියලා සැමියා බිරිඳට සහ මාමාට සිදු කළ අපරාධය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුධගනාව ගම්මානයේ දී ඊයේ පස්වරුවේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මේසේ ඝාතනයට ලක්වූ කාන්තාව අංක 906 යුධගනාව හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචි හෙටිටිආරචිලාගේ ලසන්තා සදමාලි යන වයස අවුරුදු 27ක් වු දෙදරු මවක් වන අතර ඇයට උදැල්ලෙන් පහර දෙන විට මියගිය කාන්තාවගේ මාස එකහමාරක් වන දරුවාද සිටි ඇති අතර එම දරුවාද සුලු තුවාල ලබා මැදිරිගිරිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මියගිය කාන්තාවගේ පියාටද කාන්තාවට පහර දුන් උදැල්ලෙන්ම පහර දීම නිසා බරපතල තත්වයෙන් මැදිරිගිරිය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රථිකාර සදහා පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙම කාන්තාව ඝාතනය කල ඇයගේ ස්වාමි පුරැෂයා වන සෙනරත් නකුල බංඩාර යන අය ඊයේ රාත්‍රියේදී මැදිරිගිරිය ප්‍රාදේශයේ සැගව සිටින විටදි හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මියගිය කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් මැදිරිගිරිය සමගිපුර ප්‍රදේශයේ ඉන්ධන අලෙවි සැලක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එම වෙළඳසැලේ රුපියල් 15,000 මුදලක් අස්ථානගත වීම සම්බන්ධව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇයට නිතර නිතර මුදල් අස්ථාන දීම සම්බන්ධව චෝදනා කර තිබෙනවා එම නිසා ඔහුගේ එම වචන ඉවසාගත නොහැකි වූ කාන්තාව තම පියාට මේ බව දන්නවා ඊයේ පස්වරුවේ තම මහ ගෙදරට ගොස් තිබෙනවා.
එවිට මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිටට පැමිණ මෙම කාන්තාව සමග බහින්බස්වීමක් ඇති වී තිබෙන අතර පසුව උදැල්ලක් රැගෙන මෙම කාන්තාවට පහර දී තිබෙනවා.
ඉන් අනතුරුව එම කාන්තාවගේ පියාට ද එම උදැල්ලෙන් ම පහර දී සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.
හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් වරයා ඊයේ රාත්‍රියේදීම අදාල ස්ථානය පරික්ෂාවට ලක්කල අතර හිගුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(රසංග නිරොෂන් පොළොන්නරුව)
Hot News
වැල්ලවායේ අනතුරකින් පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පහේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
එම අනතුරින් යතුර පැදියේ ගමන් ගත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)


Hot News
නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Hot News
අක්‍රීයව පවතින Gmail ගිණුම් ඉවත් කිරීම හෙට සිට ඇරඹෙයි

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවනවා.
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත අතර මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බවත් වාර්තා වෙනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි