වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා
පොලිසිය සිදුකල වෙඩිතැබ්මකදී පුද්ගලයකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති බව සඳහන්වේ . එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්වේ.

පසුව පොලිසිය සමග ඇති වූ කතාබහකින් පසු ඔහුව පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිව ඇති බව සඳහන්වේ. පසුව පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනිත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here