වාද්දුව තල්පිටිය පාල මත දී ලොරි රථයක් සහ කාර් රථයක් ගැටීමෙන් ලොරි රථය මාර්ගය හරහා පෙරළී දෙදෙනෙකුට තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද දහවල් දොළහට පමණ වාද්දුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව තල්පිටිය පාලම මතදී ලොරි රථයක් සහ කාර් රථයක් එකිනෙක ගැටීමෙන් ලොරි රථය පෙරළී යාම නිසා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දාවන කටයුතු පැයකට පමණ අවහිර වී තිබුණි.
ලොරි රථයේ පැමිණි රියදුරු සහ රිය සහායක තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කරයි.
මෝටර් රථය කොළඹ දෙස සිට වාද්දුව දෙසට ධාවනය කර ඇති අතර ටිපර් රථය වාද්දුව දෙස සිට කොළඹ දෙසට ධාවනය කර තිබේ.
තල්පිටිය පාලම මත දී මෙම රථ දෙකම අපරීක්ෂාකාරී ලෙස ධාවනය වීම නිසා එම රථ දෙක එකිනෙක ගැටී තිබේ.
මෙම රථ දෙක ගැටෙනවාත් සමගම ටිපර් රථයේ ප්‍රධාන මාර්ගයේ මුළුමනින්ම පෙරළී ගොස් තිබේ..කාර් රථයේ රියදුරු වාද්දුව පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(සම්පත් කුලරත්න – කළුතර)