බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අසල පිහිටි නිවසක ජීව උණ්ඩ සහ අත්බෝම්බ තිබෙන බවට ලද තොරතුරක් මත අද (11) සවස සිදුකළ වැටලීමකදී ජීව උණ්ඩ සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියා සිටී.
වැලිපැන්න පොලිසියේ පොලිස් නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ ගබඩා කාමරයේ සූක්ෂම ලෙස බහාලූමක බහා තිබු තිබූ ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ 16, මිලිමීටර් නමයේ අවියට යොදන උණ්ඩ දෙකක් බෝර දොළහ ගිනි අවියට යොදන උන්ඩ දෙකක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ දෙකක් පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
මෙම ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ සොයාගත් එම නිවසේ හිමිකරු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙසේ අත්අඩංගුවට ගත්තේ වයස අවුරුදු තිහ වියැති සංචාරක කර්මාන්තයේ යෙදෙන පුද්ගලයෙකි.
මෙම ජීව උණ්ඩ කිසියම් පුද්ගලයකු සඟවා සාපරාදී ක්‍රියාවකට යොදාගත්තේ ද එසේත් නැතිනම් සාපරාදී ක්‍රියාවක් සිදු කිරීමට සඟවා තබා ගත්තේ ද යන්න පිළිබඳව වැලිපැන්න පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි
සැකකරු හෙට දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
(සම්පත් කුලරත්න – කළුතර)