ගාල්ල ප්‍රදේශයේ සිට ඇල්ල හරහා හපුතලේ යමින් සිටි තරුණයන් 8ක් ගමන් ගත් වෑන් රථයක් අද සවස බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තකඩේ ප්‍රදේශයේ දී වංගුවකදී රථය පාලනය කරගත නොහැකිව අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරලි තිබෙනවා.

අනතුරින් 6 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ.

තුවාලකරුවන්ට බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අධික වේගය නිසා රථය පාලනය කිරීමට නොහැකි වී ඇති බව පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂන පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here