මස්කෙලිය අවිස්සාවේල්ල මාර්ගයේ වසර 26 ක් රියදුරෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා ගැනිමට නියමිතව සිටින අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ ඩි.කේ.ඇන්ටන් ප්‍රනාන්දු මහතාට නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් විසින් (22) දින උපහාර පිදිමක් සිදු කරනු ලැබුහ.

ඇන්ටන් ප්‍රනාන්දු මහතා කල සේවය අගයමින් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පොලිස් නිලධාරින් , ගුරුවරුන් සහ පාසල් ළමුන් එක්ව මෙම උපහාර පිදිම සිදු කලහ.

අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ වසර 30 ක කාලයක් සේවය කර ඇති ඇන්ටන් ප්‍රනාන්දු මහතා නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍රගම ප්‍රදේශයේ පදිංචිදකරුවෙකි.

දිනපතා උදැසන 6 ට මස්කෙලිය සිට ගමන් ආරම්භ කරන එම බස් රථය නෝටන්බ්‍රිජ් , ගිනිගත්හේන හරහා අවිස්සාවේල්ල දක්වා ධාවනය කර යලිත් අවිස්සාවේල්ල සිට මස්කෙලිය දක්වා එම බස් රථය ධාවනය කර රාත්‍රි කාලයේ බස් රථය නෝටන්බ්‍රිජ් බස් නැවතුම්පොලේ ගාල් කර යලිත් එම බස් රථය අලුයම 5ට මස්කෙලිය දක්වා ධාවනය කරවන බවයි ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

එම මාර්ගයේ සේවය කල කාලය තුල බස් රථය ධාවනය කරමින් සිටි අවස්තාවක පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි උණ ගසක් දෙකට කැඩි ඉන් උණ පතුරුක් බස් රථයේ ඉදිරිපස විදුරුව කඩාගෙන එම උණ පතුර තමාගේ කණ ළගින් ගිය බවත්, ඉන් තමන්ට අනතුරක් සිදු නොවුණත් එවැනිම සිදුවිමකින් තම ඩිපෝවේ සේවය කල රියදුරෙකු බස් රථයේ අසුන මතදිම ජිවිතක්ෂයට පත් වු බවයි ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

කොරෝනා වසංගතය පැවති කාලයේදි අන්තර් පළාත් අතර බස් රථ ධාවනය තහනම් කර තිබියදි තමන් මස්කෙලිය සහ ගිනිගත්හේන අතර පමණක් බස් රථය ධාවනය කල  බවත්, දින හතරකට වරක් බස් රථය මගින් නොමැතිව අවිස්සාවේල්ල ඩිපෝව වෙත ධාවනය කර  බස් රථයට අවශ්‍ය ඉන්ධන පුරවාගෙන බස් රථය ධාවනය කල බවයි එ මහතා කියා සිටියේ.

තමන් සේවය කල සේවා කාලය තුල බස් රථයේ උපරිම අයුරින් සේවය කල බවත්, බස් රථයේ විශාල කර්මික දේෂයක් ලක් වු දිනයකට පමණක් බස් රථය ධාවනය නොකල බවත්, දුෂ්කර මාර්ගයක් මස්කෙලිය නෝටන්බ්‍රිජ් හරහා ගිනිගත්හේන මාර්ගයේ ජනතාවට තම සේවාව තුලින් උපරිම සේවාවක් ලබාදිමට හැකියාව ලැබිම තමන් තෘප්තිමත් වන බවයි ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ජුනි මස (02) දිනට තමන් විශ්‍රාම ලබා ගන්නා බවත්, ඉන් අනතුරුව තම මවගේ සුව දුක් බලා ගනිමින් විශ්‍රාම සුවය ගත කිරිමට අපෙක්ෂා කරන බවයි ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here