වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටී චීන ජාතික කාන්තාවක් සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදුන්නැයි එම චීන ජාතික කාන්තාවක් අද දහවල් අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචිව සිටී 36 හැව්රිදි චීන ජාතික කාන්තාවක බව පොලිසිය කීය.
වලංගු වීසා බලපත් නොමැතිව චීන කාන්තාවක බේරුවල මංගල පාරේ නිවසක රැදී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පැමිණිල්ල විභාග කිරීම සදහා එහි ගොස් ඇති බවත් , එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් පොලිසිය පවසයි .
පහරකෑමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා වෙත යොමුකර ඇති බවත් , සැකකාර වීන කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙක් කීය.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(සම්පත් කුලරත්න – කළුතර)