වේරගොඩ විද්‍යාලයේ සිසුවියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ අනතුරෙන් මියගිය පාසල් සිසුවියගේ අවසන් කටයුතු අද කොළොන්නාව පොදු සුසාන භූමියේදී පස්වරුවේ සිදු කෙරුණා.
නිවසේ දී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය කොළොන්නාව පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවා.
පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් අවසන් කටයුතුවලට එක්ව සිටියා.
(නිරෝෂන් – කොළඹ)