එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වූ බවත් ඒ සම්බන්ධව සුබ ආරංචි ලැබෙමින් තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ රට ගොඩනගන වැඩපිළිවෙළ වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිතා කළ සියලු රාජ්‍ය සේවකයන්ට තම ස්තූතිය පිරිනමන බව පැවසීය.
සජිත් ප්‍රේමදාසට මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත්, ඔහු කරන මෝඩ වැඩවලින් සිදු වන්නේ අනුරට සහාය ලැබීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා රට රැක ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරමින් රට වෙනුවෙන් එකට වැඩ කිරීමට එක්වන ලෙස සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගනයේදී අද (04) පැවති ” පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර එම ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගත්හ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂ වශයෙන් බෙදී වෙන් නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් රටේ ජනතාවට එදාට වඩා හොඳ අනාගතයක් උදා කර දීම වෙනුවෙන් බවයි.
ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය