පසුගියදා සිදුවූ රිය අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවස වෙත රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය

30 දා රාත්‍රියේ තම දරුවන්ද සමග සැරයන් අනුරාධ ජයකොඩිගේ හෑදෙනිය, මරවනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි චමරි ප්රියංකා මහත්මිය මියගිය සැරයන්වරයාගේ බිරිඳට සහ පවුලේ ඥාතීන්ට තම ශෝකය පළ කිරීමට පියවර ගත්තාය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දරුවන් සිව් දෙනා මෙන්ම මව හා සොහොයුරාද එක්ව සිටියහ.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here