බලන්ගොඩ නගරයේදි යතුරු පැදියක් අනතුරට ලක් කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලාගිය ලොරි රථයක් පිටුපස එම දැරියගේ පියා යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් එම ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති විදුරැවෙි එල්ලි රියදුරු අල්ලා ගැනිම උත්සාහ කර තිබෙන අතර එහිදී ලොරි රථයේ රියදුරු විසින් නැවත ලොරි රථය මීටර් 500ක් පමණ ඉදිරියට ධාවනය කර බලන්ගොඩ කහටපිටිය මාර්ගයේදි විදුලි කණුවක හප්පා එම පියා ඊයේ (01) දා සවස ඝාතනය කර නැවතත් ලොරි රථය පලාගොස් තිබෙනවා.
පල්ලෙබැද්ද, අමිබැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ඒ. තිලිණ රංගලාල් නැමති තිස්දෙක හැවිරිදි පියෙකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම දැරිය බල්ලෙකු සපාකා ඇති අතර පියා සහ මව සමග යතුරු පැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට පැමිණ එන්නත් ලබා ගෙන නැවත අමිබැවිල ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් ගමන් කර ඇත.
එහිදී නෙල්ලි මිල දි ගැනිම සදහා බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරු පැදිය ධාවන කර ඇති අතර එහිදී පැමිණ ලොරි රථයක් යතුරු පැදියේ හප්පා තිබෙන අතර එහිදී සත් හැවිරිදි දැරියට තුවාල සිදු කර ලොරි රථය පලා ගොස් ඇත.
(බලන්ගොඩ – ආනන්ද තිස්ස)