උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගිය පාසල් ශිෂ්‍යයකු තම මිතුරිය සමග වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් සිටියදි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් ඉදලකින් පහර දීම හේතුවෙන් ශරීරයට සිදුවූ හානි නිසා ශල්‍යකර්මයකට භාජනය වී දින ගණනාවකට පසු නිවසේ ඇඳ මත වැතිර සිටින තම පුතු වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නයි දෙමව්පියෝ ඉල්ලා සිටිති.
වැලිගම නගරයේ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු ඉකුත් 25 වන දින මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර අත්සන් කොට නැවත නිවසට පැමිණ පසුව පස්වරුවේදී උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ.
අනතුරුව උපකාරක පන්ති නොමැති බැවින් එම ශිෂ්‍යයා සහ ඔහුගේ මිතුරිය සමඟ වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් විහාරස්ථානයේ පිරිසිදු කොට පසුව ඔවුන් දෙදෙනා කතා කරමින් සිටි බවත් එහිදී විහාරස්ථානයේ විහාරාධිපති හිමි එම ස්ථානයට පැමිණ එම ශිෂ්‍යයා සහ මිතුරිය විහාරස්ථානය පිරිසිදු කිරීම සඳහා යොදාගත් ඉදල භාවිතා කොට දැඩි ලෙස පහර දුන් බව කියයි .
කෙසේ වෙතත් පාසල් ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව විහාරස්ථානයෙන් පිටව ගොස් තිබූ අතර පසුව මෙම ශිෂ්‍යයා පාරේ වැටී සිටින බවට දෙමව්පියන් වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ අනතුරුව දෙමව්පියන් විසින් වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුව කඩිනමින් මාතර මහ රෝහලට වෙත රැගෙන යන ලෙස දැනුම්දීම මත ඒ සඳහා පියවර ගෙන තිබේ.
එහිදී 25 වෙනි දින පාසල් ශිෂ්‍යා ශල්‍ය කර්මයකට භාජනය කොට තිබු අතර එහිදී පි හාව ඉවත්කොට තිබූ බව දෙමව්පියෝ පවසති.
මෙය වැටීමක් නොවන අතර කිසියම් පහරදීමක් යැයි ඇතිවු සැකය හේතුවෙන් ශිෂ්‍යයාගෙන් කළ විමසීමකදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය මිතුරිය සමඟ වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් විහාරස්ථානය පිරිසිදු කොට දෙදෙනා කතා කරමින් සිටි බවත් එහිදී විහාරාධිපති හිමි විසින් දෙදෙනාටම ඉදලකින් පහර දුන් බව පවසා තිබේ.
එම තොරතුරු මත දෙමව්පියන් විසින් 28 දින රාත්‍රි 12:00 පමණ වැලිගම මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.
ඒ අනුව සිදුකළ විමර්ශන මත වැලිගම පොලිසිය මගින් සැකකාර විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ නමුත් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවෙකු ලෙස ඉදිරිපත් වන තම පුතුට විභාගයට ඉදිරිපත් වීමට නොහැකි බවත් ඔහුගේ පීහාව ඉවත් කිරීම නිසා ශාරීරික වශයෙන් දුබලතාවයට පත්ව සිටින අතර මෙවන විට ඔහුගේ කෑම බීම සහ අනෙකුත් ශාරීරික අවශ්‍යතා සියල්ලම දෙමව්පියන්ට පැවරී ඇති බව දෙමව්පියෝ කියයි.
දරුවාට ප්‍රතිකාර සඳහා අධික වියදමක් දරන්න සිදුවී ඇති බවත් විශේෂයෙන් මෙම සාහසික පහරදීම නිසා ඔහුගේ අනාගතය වෙනුවෙන් මුහුණ දෙන පළමු අවස්ථාවේ එයද අහිමි වී ඇති බවත් මේ වෙනුවෙන් සාධාරණයක් ඉටු කරදෙන ලෙස දෙමව්පියෝ ඉල්ලා සිටිති.