මෙරට සංචාරයක් සඳහා පැමිණි විසිපස් හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කර ඇය සතු ඇමරිකානු ඩොලර් 6000 ක රන් අභරණ සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සංචාරක මග පෙන්වන්නෙකු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලීසියට ප්‍රකාශයක් කරමින් තමන්ට මහනුවර නවාතැන් පොළක දී පසුගිය 29 දින අතවරයක් සිදුවූ බව දැනුම් දී ඇත.
මහනුවර සිට බදුල්ල බලා 30 දින දුම්රියෙන් ගමන් ගනිමින් සිට ඇති මෙම තරුණිය අඩමින් සිටිනු දුටු පිරිසක් ඒ පිළිබඳ විමසා ඇයව නානුඔය පොලීසියට යොමුකර තිබේ.
ඇමරිකානු ඩොලර් 2400 ක් වටිනා රන් අත්පලදනාවක් ද ඩොලර් 3600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු දෙකක් ද තමන් අතවරයට ලක් කළ පුද්ගලයින් විසින් සොරාගෙන ඇති බවට ඇමරිකානු ජාතික තරුණිය පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කළ මහනුවර පොලිසියේ අපරාධ අංශය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබේ.
පැමිණිල්ල කළ තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සහ කළත් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇත.
සංචාරක මග පෙන්වන්න සහ තවත් අයෙකු සමඟ මහනුවර නවාතැන් පොළක දී මත්පැන් පානය කළ බවත් ඉන් පසුව තමන් අඩ නිරුවතින් ඇදක් මත සිටි බවත් ප්‍රකාශ කර තිබෙන පැමිණිලිකාරිය ඒ අතර සිදුවූ කිසිවක් මතක නැති බව ද පොලීසිය පවසා තිබේ.
(කමල් සුරවීර – මහනුවර)