අනියම් පෙම්වතා විසින් බෝඩිං කාමරය තුල 27 හැවරදී දෙදරු මව ඝාතනය කොට මිය ගිය කාන්තාවගේ සොහොයුරකුට දුරකත ඇමතුමක්ද ගෙන සිද්ධිය කියයි.

සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 27 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව පොලිසිය පැවසුවේය.

පොලිසිය සඳහන් කළේ මිය ගිය තැනැත්තියගේ අනියම් පෙම්වතිවු 22 හැවිරිදි තරුණයෙක් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවයි.

මිය ගිය කාන්තාව පෙර මාතලේ ප්‍රදේශයේ අයෙකු සමග විවහා වී සිටි අතරවාරයේ දෙදෙනා අතර ඇතිවු අරව්ලක් මත මිට වසරකට පමන පෙර වෙන්ව සිට ඇති බවත් පසුව සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 22 පමන වෙන තරුණයකු සමග අනියම් ඇසුරක් පවත්ගෙන යමින් එම ප්‍රදේශයේ පුද්ගලික අංශයේ සේවය කරමින් සිටි අතර වාරයේ දැනට දින කිහිපයකට පෙර දෙදෙනාම ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පිහිටි මියගිය තරුණියගේ නිවසට පැමිණ ඇති බව පවුලේ නැදැයින් පවසා සිටියේය.

මෙම සැකකරු සහ ඝාතනය ලක් වූ 27 හැවිරිදි කාන්තාව අතර කලක සිට අනියම් ඇසුරක් පවතවාගෙන ගොස් ඇති බවත් ඒ අතර කාලයේ දී වෙනත් පිරිමින් සමගද හොර රහසේ පවත්වාගෙන ගොස් තිබු සම්බන්ධතා පිළිබද අනියම් සැමියා හෙලිකරගෙන ඇතැම් අවස්ථාවදී පහරදීම්ද සිදුව ඇතැයි පොලිසිය විසින් සිදු කල මුලික විමර්ශණ වලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක් වූ තැනැත්තිය අනුරාධපුර, ගලෙන්බිදුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිව සිට වයස අවුරුදු 27 පමන වන දිලිනි ශශිකලා නැමැති දෙදරු මවක් බව පැවසේ.

ඊයේ (14) රාත්‍රී කාලයේ දී බෝඩිං කාමර තුළ දී වීදුරු කටුවකින් අදාළ කාන්තාවගේ ගෙළ කපා මෙම ඝාතනය සිදුකර ඇති අතර, එම කාමරය තුළ තොණ්ඩුවක් ද සකසා තිබූ ආකාරය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇතැයි වාර්ථා විය.

ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ද සියදිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බවයි.

සැකකරු සහ මෙම කාන්තාව අතර අනියම් ඇසුර පැවති කාලය තුළ කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.

මේ අතර ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගිය සැකකරු මිය ගිය කාන්තවකගේ ඥාති සොහොයුරෙකු වෙත දුරකථන ඇමතුමක් දී සිදු වූ සිදුවීම පවසා ඇති බවයි වාර්තා වු අතර එම ඇමතුම අතරවාරයේදී අදාල සිදුවීම් එකිනෙක විස්තර කරන අතරතුර අධාල කාන්තාව හේතුවෙන් තමන් පත්වු අපහසුතා තවදුරටත් ඉවසා ගත නොහැකි තැන තමන් රැදි සිටි සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 27 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ බව පවසා සිට ඇත.

සිද්ධියට අධාලව සීදූව, රද්දොළුව, පොලිසිය මගින් පරික්ෂණ සිදු කරණු ලබන අතර මේ දක්වා අධාල සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි පැවසේ.

(ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here