
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන බවයි එම කොමිසම සදහන් කළේ.
දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණා.
එම කොමිසම අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් එනම්, මාසිකව රුපියල් 15කින් ඉහළ යන බවයි.
ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව ඉහළ යන්නේ 6.9%කින්. ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ යනු ඇති.
ඒකක 61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් විදුලි ගාස්තු ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120ක් බව සදහන්.
ඒකක 91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් විදුලි ගාස්තු ඉහළ නංවා තිබෙනවා. එහි මාසික වැඩිවීම 420ක්.
180ට වැඩි ඒකක සඳහා විදුලි ගාස්තුව වැඩි වී ඇත්තේ 25%කින්.
මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු කෙරෙනවා.
රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව ඉහළ දමා ඇත්තේ 14.1%ක ප්‍රතිශතයකිනි.