
ගබඩා කර ඇති සහ සැපයුම ස්ථිර කර ඇති නැව් තොග ද සහිතව, ඉදිරි දින සඳහා මෙරට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින ගැන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තොරතුරු සඳහන් කර සිටියා.
අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව, මෙරට තුළ ඉන්ධන සංචිත පහත සඳහන් දිනයන් දක්වා ප්‍රමාණවත් වනු ඇති,
ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා
පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා