
ශ්‍රී ලංකාවේදී පැවති ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඇතුළු වැඩසටහන් මාලාවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV නාලිකා (පුද්ගලික) සමාගම (MTV Channel (Pvt) Ltd) වෙත රුපියල් මිලියන 104.6ක (රු. 104,603,876.00) අනුග්‍රාහක මුදලක් රජය ලබාදී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ නිරීක්ෂණවලට යටත්ව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට (අංක: CP 26/1947/807/035) මෙලෙස අනුමැතිය හිමිව මුදල් ලබා දී තිබෙනවා.
ABU සමුළුව සහ MTV සමාගමේ මැදිහත්වීම ආසියානු - පැසිෆික් කලාපය ඇතුළු රටවල් 66ක සාමාජිකයින් 225 දෙනෙකුගෙන් සමන්විත ලොව විශාලතම වෘත්තීය විකාශන සංවිධානයක් වන ABU හි 63 වන මහා සමුළුව, සංගීත උළෙල (ABU Music Festival) සහ විනෝද චාරිකා වැඩසටහන 2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 03 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජිතය. මෙම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
මුදල් වෙන්කිරීම සහ ගෙවීම් සිදුවන ආකාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අනුමත අයවැය ප්‍රතිපාදන අතුරින් මෙම රුපියල් 104,603,876.00ක මුදල වෙන් කල ඇති අතර, ගෙවීම් පියවර දෙකකින් සිදු කරන බවයි කැබිනට් පත්‍රිකාවේ සදහන් වන්නේ.