
පවතින වැසි සමග ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික
ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන්ගේ 35,300 දෙනෙක් වාර්තාවි
ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල
කන්නංගර අද (05) පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළා.
එමෙන්ම මේ වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් මරන 19 ක් වාර්තාවි තිබෙනවා.
ඩෙංගු රෝගීන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති
අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව වෛද්‍ය කපිල
කන්නංගර සඳහන් කළා.
බස්නාහිර පළාත හැරුණු කොට දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත්,
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙත්, සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙත්,
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස
72 ක් ආවරනයවන පරිදි ජුනි මස 8,9 සහ 10 යන දිනවල ඩෙංගු මර්දන
වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය කපිල කන්නංගර මෙහිදි වැඩිදුරටත්
සඳහන් කළා.