
ප්රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් '3 Idiots' චිත්රපටයේ දෙවන කොටසක් නිර්මාණය වන බව තහවුරු කර තිබෙනවා.
එහි ඔහු නැවතත් 'රැන්චෝ'ගේ චරිතයෙන් පෙනී සිටීමට නියමිතය. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, අමීර් මේ බව තහවුරු කර තිබිණ.
එහිදී ඔහු සඳහන් කළේ අධ්යක්ෂ රාජ්කුමාර් හිරානි දැනට 3 Idiots දෙවන කොටස සඳහා වැඩ කරමින් සිටින බවයි.
"මම ඒ කතාව ඇහුවා. එය ඉතාම විශිෂ්ටයි. මෙහිදී ඔබට 3 Idiots හි දුටු චරිතම දකින්න ලැබෙනවා. නමුත් කතාව සිදුවන්නේ වසර 10ක කාල පරාසයකට පසුවයි. රාජ්කුමාර් සහ අභිජාත් ජෝෂි ඉතා හොඳ කතාවක් නිර්මාණය කර තිබෙනවා"
මීට පෙර සාකච්ඡාවකදී අධ්යක්ෂ රාජ්කුමාර් හිරානි ද සඳහන් කර තිබුණේ තමන් Munna Bhai M.B.B.S. සහ 3 Idiots යන චිත්රපට දෙකෙහිම මීළඟ කොටස් සඳහා වැඩ කරමින් සිටින බවයි.
2009 වසරේ තිරගත වූ '3 Idiots' චිත්රපටයේ කරීනා කපූර්, ආර්. මාධවන්, ශර්මන් ජෝෂි සහ බෝමන් ඉරානි ද ප්රධාන චරිත නිරූපණය කළහ.
අමීර් ඛාන් මේ වන විට සිය පුත් ජුනයිඩ් ඛාන් සහ සායි පල්ලවී රඟපාන 'Ek Din' චිත්රපටයේ ප්රචාරක කටයුතුවල නිරතව සිටින අතර, ඔහු එහි නිෂ්පාදකවරයා ලෙස ද කටයුතු කරයි.
මීට අමතරව ඔහු සනී ඩියෝල් සහ ප්රීති සින්ටා රඟපාන 'Lahore 1947' චිත්රපටයට ද දායකත්වය ලබා දෙයි.