
ලාංකේය සිනමා රසිකයින් මහත් උනන්දුවෙන් මඟ බලා සිටින, 'ධර්මයුද්ධය 02' සිනමාපටයේ මාධ්‍ය දර්ශනය ඊයේ (06) පැවැත්වුණා.
චිත්‍රපටය, ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.
2017 වසරේදී තිරගත වුණු, ආදායම් වාර්තා රැසක් තැබූ ''ධර්මයුද්ධය 01'' මෙරට සිනමාලෝලීන් අතර මහත් කතාබහට ලත් චිත්‍රපටයක් වූ බැවින්, එහි දෙවන කොටස වන 'ධර්මයුද්ධය 02' සිනමාපටය ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන බව අවිවාදාත්මකයි.
'ධර්මයුද්ධය 02' සිනමා පටයේ දක්නට ලැබෙන ප්‍රධානතම වෙනස නම්, පළමු චිත්‍රපටය සඳහා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා නිරූපණය කළ හරිස්චන්ද්‍රගේ චරිතයෙන් මෙවර හමුවන්නේ ප්‍රවීණ රංගන ශිල්පි බිමල් ජයකොඩි වීමයි.
දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වින්සදී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මෞලි ෆර්නැන්ඩු, නලීන් ලුසේනා, කලණ ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, තිලක්ෂණී රත්නායක, ආරියසේන ගමගේ, ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර ඇතුළු නලු නිලියන් රැසකගේ රංගනයෙන් 'ධර්මයුද්ධය 02' ඔබට තිළිණ වනු ඇති.
මහරජා මීඩියා නෙට්වර්ක් නිෂ්පාදනයක් වන චිත්‍රපටයේ අධ්‍යක්ෂ්‍යවරයා වන්නේ අරුණ ජයවර්ධන වන අතර කැමරා අධ්යක්ෂවරයා වන්නේ චන්න දේශප්‍රියයි.
'ධර්මයුද්ධය', ප්‍රකට මලයාලම් සිනමාපටයක් වන 'Drishyam' (දෘශ්‍යම්) හි සිංහල ප්‍රතිනිර්මාණයයි....