
41 වන ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය කරමින්, එහි තුන්වන ස්ථානය දිනූ ලාංකේය රූ රැජින සබීනා යූසෆ් අමෙරිකා එක්සත් ජනපදයේ සිට අද (04) අලුයම දිවයිනට පැමිණියා.
ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය මෙන්ම, සබීනා සූසෆ් එහි ''ඡායාකාන්ත'' රූ රැජින ලෙසින් ද තේරීපත් වීම විශේෂය.
ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ "ගෝල්ඩ් රූට්" මගී පර්යන්තය වෙත පැමිණ සිටියා.
ලෝකයේ රටවල් 60ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 22 වැනිදා සිට 29 වැනිදා දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක රූ රැජින තරගයේ කිරුළු පැළඳීමට සමත් වූයේ තායිලන්ත රූ රැජිනයි.
එහි පළමු අනුශූරතාවය දිනාගැනීමට සත්කාරක අමෙරිකාව සමත්වූවා..