
'TV Dad' ලෙස වඩාත් ප්‍රකට, දකුණු කොරියානු නළු ලී සූන්-ජේ (Lee Soon-jae) අද (25) අභාවප්‍රාප්තවී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91ක්.
වසර 70කට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තිය ජීවිතය තුළ ලී සූන්-ජේ චිත්‍රපට, රූපවාහිනිය සහ වේදිකාව තුළින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගත් විශිෂ්ටයෙකි.
වැඩිහිටි මිනිසෙකු ලෙස රඟපෑ චරිතවල ප්‍රබලත්වය හේතුවෙන් ලී සූන්-ජේ "national TV dad" ලෙස හැඳින්වේ.
1991 දී විකාශය වූ What on Earth is Love නම් රූපවාහිනී කතා මාලාවේ දැඩි පියෙකු ලෙසත් 2006 සිට 2012 දක්වා විකාශය වූ ජනප්‍රිය කතා මාලාවක් වන High Kick හි ආදරණීය සීයා කෙනෙක් ලෙසත් රඟ දක්වන ලද චරිත ඊට හේතුවිය.
පසුගිය වසරේ පැවති KBS නාට්‍ය සම්මාන උළෙලේදී "Dog Knows Everything" නම් විකට කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා, ලී සූන්-ජේ සම්මානයකින් ද පිදුම් ලැබීය.
එම ගෞරවය දිනාගත් වයස්ගතම දකුණු කොරියානු නළුවා ඔහු වීම විශේෂය.