
බටහිර ආසියාවේ තාවකාලික සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීම සහ ස්ථිර සාමයක් සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳව මෙරට රජය ප්රසාදය පළ කර සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කරන්නේ මෙම වර්ධනය කලාපීය නොසන්සුන්තා අවම කිරීමට සහ දැඩි මානුෂීය පීඩාවන් සමනය කිරීමට තැබූ වැදගත් පියවරක් ලෙස පිළිගන්නා අතරම, සියලු පාර්ශවකරුවන් මෙම අවස්ථාව ප්රයෝජනයට ගනිමින් සාම ක්රියාවලියක් ඔස්සේ ස්ථිරසාර විසඳුමක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමඟින් කලාපයේ සියලු ජනයාට දිගුකාලීන ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම සාකච්ඡා මාර්ගයට පිවිසීමේ මෙම සුවිශේෂී ප්රගතිය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපී පෙනෙන රාජ්ය තාන්ත්රික ප්රයත්නයක සහ අධිෂ්ඨානයක නිරත වූ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය කෘතවේදීව අගය කරන බව ද රජය අවධාරණය කර සිටියි.