
මධ්‍යම පලාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුල සම්පූර්ණයෙන් අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ඒ අනුව ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මග, විලියම් ගොපල්ලව මාර්ගය සහ ලුවී පීරිස් මාර්ගය යන ව්‍යපෘති, උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ කඩිනම් කෙරේ.
මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ප්‍රගතිය සොයාබැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (15) දින සිදුකෙරිණ.
දේශපාලනික, පරිපාලනමය සහ මූල්‍යමය ගැටළු ඇතුලු විවිධ හේතු මුල්කර ගනිමින් අතරමග නවතා දමා තිබූ ගැටඹේ හන්දිය ගුවන් පාලමේ සංවර්ධන කටයුතු 2025 වසරේ පෙබරවාරි මාසයේදී නැවත ආරම්භ කලේය.
ගන්නෝරුව - මහනුවර, පේරාදෙණිය - මහනුවර ඇතුළු මාර්ග රැසක පවතින අධික වාහන තදබදයට විසඳුම් ලබාදීම සඳහා සැලසුම් කල ගැටඹේ ගුවන් පාලම් ව්‍යාපෘතියද මේ වන විට ක්රියාත්මකවමින් පවතින අතර ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන දහහතරකි.
මහනුවර නගරයේ දෛනිකව පවතින අධිත රථවාහන තදබදයට විසඳුම් වශයෙන් මංතීරු හතරක් ලෙස පුළුල් කර සංවර්ධනය කෙරෙන විලියම් ගොපල්ලව මාර්ගයේ සංවර්ධන කටයුතු ද අමාත්‍යවරුන්ගේ සොයා බැලීමට ලක්කල අතර මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 675 ක ප්‍රතිපාදන වෙන්කර ඇත.
මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මහනුවර - බූවැලිකඩ - අම්පිටිය නගර සම්බන්ධ කෙරෙන ලුවී පීරිස් මාර්ගය ද ද්විත්ව මංතීරු සහ දෙපස පදික මංතීරු සහිතව වැඩිදියුණු කර සංවර්ධනය කෙරේ. රුපියල් මිලියන 539 ක මූල්‍ය ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර ඇත.
කඳු සහිත, නායයාම් තර්ජිත ප්‍රදේශයක් හරහා දිවෙන මෙම මාර්ගය ‘සොයිල් නේලින්’ ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කර ඉහළ කඳු කොටස් ශක්තිමත් කරමින් නව සැලසුම් ක්‍රමවේදයක් යටතේ සංවර්ධනය කෙරේ.
මහනුවර - යාපනය (A-009) ප්‍රධාන මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සලසමින් ඉදිකෙරෙන මහයියාව උමං මාර්ගයේ සංවර්ධන කටයුතුද අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්කෙරුණු අතර, උමං මාර්ගයේ දිග මීටර් 31.7 ක දිගකින් යුක්ත වන අතර, මීටර් 21.8 ක පළලකින් ද මීටර් 09 ක උසකින් ද යුක්ත වේ. ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 650 කි.