
ත්රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර රැඳවියන් සඳහා වියළි ආහාර සැපයූ සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 1,235,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
අදාළ අල්ලස් මුදල බන්ධනාගාර නිලධාරියෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කර ඇති බවටද අල්ලස් කොමිසම සඳහන් කරයි.