
රුපියල් මිලියන ගණනක් වටිනා ගංජා වර්ගයට අයත් මත්ද්‍රව්‍ය තොගයක්
සමග පුද්ගලයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්
තොටුපළේදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) දින මස්කට් සිට පැමිණි OV 437 දරන ගුවන් යානයෙන් පැමිණි
ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ගුවන් තොටුපළේ පිහිටි රේගු මත්ද්‍රව්‍ය
පාලන අංශයේ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක්කොට තිබෙනවා.
එහිදි මොවුන් සන්තකයේ තිබි ගංජා වර්ගයට අයත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි
ග්‍රෑම් 306 ක් සොයාගත් බව රේගුව පවසනවා.
හෂීස් සහ කුෂ් මත්ද්‍රව්‍ය බවට සැකකරන මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල්
මිලියන 123 ක් පමණ වන බව සඳහන්.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ගුවන් තොටුපළ රේගු නිලධාරීන්
එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.