
ගෝලීය ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ ප්රමුඛ පෙළේ මුදල් ඒකක රැසක් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් .
ඊජිප්තු පවුම ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා.
පෙබරවාරි මස අවසානයට සාපේක්ෂවයි ඊජිප්තු පවුම 10.8%කිනුයි කඩා වැටී ඇත්තේ.
එමෙන්ම ගෝලීය ආර්ථික කම්පනයන්ගේ සෘජු බලපෑම හේතුවෙන් ඉන්දීය රුපියල ද මේ වනවිට දැඩි ලෙස අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයකට සාපේක්ෂව ඉන්දීය රුපියල ද 5.9%කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මීට ප්‍රධානතම හේතුවයි.
ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර පසුගිය පෙබරවාරි 28 වනදා ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය 91 සීමාවේ සටහන් වුවද, පවතින බලශක්ති අර්බුදය හමුවේ අද වන විට එය පවතින්නේ 96යි ශත 39 දක්වා ඉක්මවූ තත්ත්වයකයි.
එම විනිමය පීඩනය පාලනය සඳහා ඉන්දීය රිසව් බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ වෙත අඛණ්ඩව ඩොලර් මුදා හරිමින් සෘජු මැදිහත්වීම් සිදුකරමින් සිටිනවා.
එමෙන්ම ඉන්දීය රජය රට තුළ වෙළෙඳ ශේෂය ස්ථාවර කරගැනීම සඳහා තාවකාලික පියවරක් ලෙස අත්‍යවශ්‍ය රන් සහ රිදී වැනි නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.