
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට විශාල මෙහෙවරක් කළ 38 හැවිරිදි හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සද්රාන් (Shapoor Zadran), බරපතල අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
ඔහුගේ සොහොයුරා වන ඝාමයි සද්රාන් (Ghamai Zadran) විසින් ජනවාරි 12 වනදා සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පණිවුඩයකට අනුව, ෂාපූර් මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඔහුගේ ශරීරයේ සුදු රුධිරාණු මට්ටම (White blood cell count) භයානක ලෙස පහත වැටී ඇති බවයි.
හිටපු පාකිස්ථාන නායක රෂීඩ් ලතීෆ් (Rashid Latif) සඳහන් කර ඇත්තේ "සිංහයෙකු මෙන් ක්‍රීඩාංගණයේ සටන් කළ ෂාපූර්ට දැන් ලෝකයේම ප්‍රාර්ථනා අවශ්‍ය" බවයි.